ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙ උණවටුන යද්දෙහි මුල්ලේ අද (23) සිදු කළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක දී මදුරු කීටයන් සහිත ස්ථාන පවත්වාගෙන ගිය නිවාස සහ සංචාරක හෝටල් පරිශ්‍රය නමයකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
මෙහිදී නිවාස ආගමික ස්ථාන සහ සංචාරක හෝටල් සහ විලාස් යනාදිය පරිශ්‍ර 131 ක් පරීක්ෂාවට ලක් කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී ඒ සිසිර කුමාර මහතා පැවසීය.
මෙයින් පරිශ්‍ර 12 ක්ට රතු නිවේදන 12ක් ද නිකුත් කර තිබේ. මෙම පරිශ්‍ර හිමිකරුවන් එම කාලය තුළ දී තම පරිශ්‍ර පවිත්‍ර කර සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් කළ යුතුය.
මෙම ඩෙංගු මර්දන පරීක්ෂාව සඳහා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිස් නිලධාරීන් සහ ග්‍රාම නිලධාරින් ඇතුළු තිස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී තිබේ.
මෙම මාසය තුළ දී හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd