IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උඩවලව වනෝද්‍යානයේ ඇත් පැටවාට වෙඩි තැබු තිදෙනෙකු අත්අඩංගුවට

(රෝහණ සමරවීර)

උඩවලව ඇත් අතුරු සෙවණේ ඇති දැඩි කර එම වනොද්‍යානයට මුදා හැර සිටියදී පසුගියදා  වෙඩි තබා ඝාතනය කර සිටි පොකුණා නැමැති ඇත් පැටවාගේ  මරණය  සම්බන්ධයෙන්  පුද්ගලයන් තිදෙනෙක් වෙඩි තැබීමට යොදා ගත් බව කියන තුවක්කුව සමග  උඩවලව පනහඩුව බැලවානාගල ප‍්‍රදේශයේදී උඩවලව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

උඩවලව පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් වන පොලිස් සැරැයන්  ඉන්දික පතිරණ පොලිස් කොස්තාපල් කේ.ඩබ්. බී. එස්. වීරසිංහ යන නිලධාරීන් දැඩි වෙහෙසක් දරා සොයාගත් තොරතුරු එම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්.එස් දයාසිරි මහතාට දැන්වීමෙන් අනතුරුව මෙහෙයුම සිදුකර තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවෝ උඩවලව පහඩුව  ප‍්‍රදේශයේ පදිංචි 34,35,36 යන වයස් සීමාවන්වල පසුවන්නෝ වෙති.

මෙම සිදුවීමට පෙර එම සැකකරුවන්ට වනෝද්‍යානයට ඇතුල්වී සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් චෝදනා යටතේ මේ වන විටත් අධිකරණයේ නඩු විභාග වෙමින් ඇති බවට තොරතුරු අනාවරණය වු බව උඩවලව  පොලිසිය පවසයි.

සැකකරුවන් ඇත් පැටවාට වෙඩි තබා මරා දැමීමෙන් අනතුරුව වෙඩි තැබීමට යොදාගත් තුවක්කුව,වෙඩි බෙහෙත්,මූනිස්සම් කැට,ඊයම් බෝල වන රොදක සගවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් දඩයමේ යෙදෙමින් කසිප්පු ජාවාරම කරගෙන යන තැනැත්තන් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.  

වෙඩි තැබීම සිදු වු දින එම පුද්ගලයන් පිරිස උඩවලව වනෝද්‍යානයට හොර රහසේ ඇතුල්වී ජලාශය ඉසිමත්තේ පිහිටි කෙම්තුනේගල ප‍්‍රදේශයට පැමින ඇත්තේ කසිප්පු පෙරීම සදහාය.

නමුත් කසිප්පු පෙරීම සදහා  දින කීපයකට පෙර  එම සැක කරුවන් විසින්ම සකස් කර  එම කැළැයේ  සගවා තිබූ ගෝඩා  මියගිය ඇත් පැටවා එම අවස්ථාවේ  පානය කරමින් සිට තිබේ. එම දර්ශනය දුටු සැකකරුවන්   කෝපයට පත්ව ඇත් පැටවාට වෙඩි තබා මරා දැමූ බවට සැක කරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වු බව පොලිසිය කියයි.

2013 වසරේ මෙම ඇත් පැටවා සිය මවගෙන් මග හැරී පොකුණුතැන්න ප‍්‍රදේශයේ සිය මව සොයමින් එහෙ මෙහෙ ඇවිදිමින් සිටියදී උඩවලව ඇත් අතුරු සෙවණේ නිලධාරීන් දැක ඇත් අතුරු සෙවණට රැගෙන විත්  පොකූණා නැමැති සුරතල් නාමය යටතේ ඇති දැඩි කර තිබේ.



අදහස් (1)

උඩවලව වනෝද්‍යානයේ ඇත් පැටවාට වෙඩි තැබු තිදෙනෙකු අත්අඩංගුවට

SL Wednesday, 20 May 2020 06:06 AM

මේ රට කන එක සෙට්‌ තමා. නඩු පරක්කු කරකර දඬුවම් දෙන්නේ නැතිව ,සල්ලි හම්බ කරනවා .දඬුවම් නැති අය එළියට වෙලා නැවත නැවත අපරාධ කරනවා.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site