(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණයෙකුගේ මළසිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16) සොයා ගනු ලැබීය.
මෙම මළසිරුර නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ක්ලින්ටන් ඇලස්ඩ් නැමති අයෙකුගේ බවට මියගිය අයගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.
මිය ගොස් ඇති තරුණයා අද පස්වරු 03.30 ට පමණ ඉහළ කොත්මලේ සුමන විද්‍යාලය අසලට පැමිණ ඔහුගේ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක්ද රැගෙන ඔහුගේ මුහුණු පොතේ ගිණුමටද එම ඡායාරූපය ඇතුළත් කරෙ, පැයකට පමණ පසුව ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇති බව තලවාකැලේ පොලීසිය පවසයි. මෙම තරුණයා ජලාශයට පනින අයුරු අවට පදංචිකරුවන් විසින් දැක තලවාකැලේ පොලීසියට දන්වා ඇත.
තලවාකැලේ පොලීසිය, නාවුක හමුදාවේ කිමිඳුම්කරුවන් යොදා මළ සිරුර අද සවස ගොඩ ගන්නා ලදී.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළසිරුර නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට පියවර ගනු ලැබීය.




2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉහළ කොත්මලේ ජලාශයේ මළසිරුරක්