
(ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය වැඩි ඡන්ද 10 කින් අද ( 17) දින සභා සම්මත විය. ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වි.සරත් කුමාර මහතා විසින් මෙම අයවැය සභාවට ඉදිරිපත් කරන ලදී.
පාලක පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව සිය ඡන්දය ලබාදුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා ද අයවැයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කළහ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියෝ තිදෙනා සිය ඡන්දය දීමෙන් වැලකී සිටියහ. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අරුණ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ටී.ජී.අජිත් ප්‍රේමකුමාර මහතා මෙම අයවැයට විපක්ෂව සිය ඡන්දය පාවිච්චි කළහ.
ඉමදුව ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද (17) සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ලේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd