කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඊයේ (19) පස්වරුවේ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී එම හමුව සිදුවිය.
එහිදි දෙරට අතර තිබෙන ද්විපාර්ශවීය සාකච්ඡා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්වූහ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය විදේශ අගමැති?