රොමේෂ් මධුෂංඛ
උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අද (5) අලුයම කන්කසන්තුරෙයි නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේ දී ධීවර යාත්‍රා දෙකකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයින් පිරිස පිළිබඳව කන්කසන්තුරෙයි නාවික හසුදා මුර සංචාරයකට නිරීක්ෂණය වීමෙන් පසුව අදාළ ඉන්දීය ධීවරයින් පිරිස හා ධීවර යාත්‍රා දෙක ද සමඟ ඔවුන් ඇල්ලූ මසුන්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස කන්කසන්තුරෙයි නාවික වරායට රැගෙන ඒමෙන් පසුව කන්කසන්තුරෙයි පොලීසිය හරහා යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට බාර දීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd