(නිශාන්ත කුමාර )
ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්‍රදේශයේ කාන්තාවක තම ගෙවත්තේ ගසකට නැගී අද (22) දහවල් කාලයේ සිට උපවාසයක් ආරම්භ කර ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.
මෙලෙස විරෝධතාවක නිරතව ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙනියාය අංක 10 නිවසේ පදිංචි වයස අවුරුදු තිහක පමණ කාන්තාවකි.
තමන් පදිංචිව සිටින මහවැලියට අයත් ඉඩමට මෙතෙක් කලක් බලපත්‍රයක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම පිණිස ඇය මෙලෙස සිය ගෙවත්තේ වූ තේක්ක ගසක් මතට නැගී මෙම උපවාසය ආරම්භ කර ඇතැයි ද පොලිසිය පැවසීය

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.