IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉඩමකට ව්‍යාජ ඔප්පු සැකසූවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)

තලෙයිමන්නාරමේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගත්තැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන උතුරු පළාත් සභා මන්තී‍්‍ර රිෆ්ඛාන් බදියුදීන් මහතා මන්නාරම තලෙයිමන්නාරම පිහිටි උප්පුරතිරව් හෙවත් වෙට්ටිතිරව් නමැති මෙම ඉඩම සඳහා ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.

ඉකුත් 2015 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනිදා, අංක 15 ඒ, /1, /1, ශී‍්‍ර සද්ධර්ම මාවත කොළඹ 10  ලිපිනයෙහි පදිංචි අබ්දුල් කාසිම් මොහොමඩ් සලාහි යන අය එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධියට අදාළ වූ නඩුව ඉවත් කරගන්නා ලෙසට රිෆ්ඛාන් යන අයගේ අනුගාමිකයින් විසින් තම සේවාදායකයාට දුරකතනයෙන් අමතා තර්ජනය කර ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අද (24) මෝසමක් ගොනු කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (0)

ඉඩමකට ව්‍යාජ ඔප්පු සැකසූවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site