(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරිය බටුගම්පල කුකුරදොළ ප්‍රදේශයේ නයිකෙළින දොළෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් අද(21) හමු වූ බව ඉංගිරිය පොලිසිය කියයි.
මිය ගිය තැනැත්තා එම ප්‍රදේශයේ පුද්ගලයකු නොවන බව ප්‍රදේශවාසීන් පැවසූ බව පොලිසිය කියා සිටී.
මෙම තැනැත්තා මිය ගොස් ඇත්තේ ඝාතනයට ලක්වීමෙන් බවත් මීට දින දෙකකට පමණ ඉහතදී ඔහුව ඝාතනයට කරන්නට ඇති බවට සැකකරන බවත් පොලිසිය සැක කරයි.
දොළෙහි මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු මළ සිරුර දැක පොලිසියට දැනුම් දී ඇත.
ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd