(සනත් ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
අම්බලන්තොට රිදියගම දියවර ගම්මානයේ පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු බරපතල පිළිස්සුම් තුවාල සහිතව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඹුරුගමුවගේ කරුණරත්න (55) යන බව පොලිසිය කියයි.
අනියම් බිරිදගේ නිවසේ සිටියදී පොලු වලින් හා ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම පුද්ගලයා සහ පහරදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙක්ද රෝහල් ගත කර ඇත.
ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මිය ගොස් පසු ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනාද පොලිස් අත් අඩංගුවට පත් වී ඇත. සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd