(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ පුංචි සෝලංකන්ද තේ වත්ත ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද (14) පෙරවරුවේ සොයාගත් බව මස්කෙළිය පොලිසිය පවසයි.
ප්‍රදේශයට පැවති වැසි තත්ත්වය තරමක් අඩුවී තිබූ අවස්ථාවේ දර කැඩීමට ගිය පිරිසක් විසින් මෙම මළ සිරුර දැක පොලිසිය වෙත දැනුම් දී තිබේ.
මෙසේ මරණයට පත්වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වූ පෙරුමාල් ජෙගදීස්වරන් නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි.විවාහකයෙක් වූ මරණකරු කලක සිට තනිව ජිවත් වූ බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.ඔහු ජීවත් වූ නිවස මෙම පුද්ගලයාගේ සිරුර සොයාගනු ලැබු ස්ථානයට ඉහළින් පිහිටා තිබේ.
මෙම මරණය සම්බන්ධව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී අද පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරි කළණ මහතා විසින් පවත්වා දියේ ගිලී සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.