(ඞී.කේ.රත්න)
ඇල්ල කුඹල්වෙල හෙලහල්පේ භාවනා මධ්‍යස්ථාන අසපුව කඳුවැටියේ අද (5) ඇතිවූ හදිසි ගින්නකින් එම කඳුවැටියේ අක්කර 30 ක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
ප‍්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්වය නිසා මෙම ගින්න සීග්‍රයෙන් කඳුවැටිය පුරාම පැතිර ගොස් තිබේ.
ගින්න ප‍්‍රදේශයේ නිවාස හා තේ වගාවලට පැතිර යාම වැළැක්වීමට ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ප‍්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබේ.
කිසියම් පුද්ගලයෙකු විසින් කඳුවැටියට ගිනි තැබීම නිසා මෙම ගින්න හටගෙන ඇතයි ඇල්ල පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd