( ඩි.කේ.රත්න)
ඇල්ල- බල්ලකෙටුව, ගෝවුස්ස ප‍්‍රදේශයේ රක්ෂිතයකදී පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇල්ල පොලීසිය විසින් අද (08) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
මෙම පුද්ගලයින් දෙදෙනා ළඟ තිබී සේවා නූල් එකක් ජෙලට්නයිට් කූරු එකක් සහ ඇමෝනියා ග‍්‍රෑම් හාරසිය හැත්තෑපහක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් තණමල්විල හා වැල්ලවාය හදපානාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඇල්ල - බල්ලකෙටුව ගෝවුස්ස ප‍්‍රදේශයේ රක්ෂිතයක නොහඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන බවට ඇල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී පුපුරණ ද්‍රව්‍ය සමඟ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලීසියට හැකිවී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.