
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට අයත් කුරුදුගහගැතැප්ම තලාව ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයට අද (16) රාත්‍රී 8 ට පමණ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ඇල්පිටිය ප්‍රාදේශිය සභා සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා පවසයි.
කසළ අංගනය ගිනි ගනිමින් තිබියදී ප්‍රදේශවාසියකුගේ දැනුම් දීමක් මත වහාම එහි ගිය සභාපතිවරයා සභාවේ සේවකයන් කැදවා සභාවේ බවුසර් මගින් වතුර ඉස ගින්න මැඩපවත්වාගෙන තිබේ.
මෙය කිසියම් පාර්ශවයක කඩා කප්පල් ක්‍රියාවක් හෝ මෙම කසළ අතර ඇති යකඩ ඇතුළු අබලි ද්‍රව්‍ය ලබා ගැනීමට කිසියම් පුද්ගලයකු විසින් සිදුකළ ගිනි තැබීමක් විය හැකි බව සභාපතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසළ අංගනයේ ගිණි ගැනීම් අනතුරු හැඟවීමේ උපකරණ නොමැති බව පෙනේ. මෙය කණගාටුවට කාරණයකි.