(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ලංකාවේ 44 වැනි පොලිස් අධිකාරී කාර්යාලය අද (26) ඇඹිලිපිටියේ දී වැඩබලන පොලිස්පති සී.ඩබ්.වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත විය.
රත්නපුර පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත්ව තිබූ පොලිස්ථාන හයක් සහ මොණරාගල පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත්ව තිබූ එක් පොලිස්ථානයක් අලූතින් පිහිට වූ ඇඹිලිපිටිය පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් ය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා ඇඹිලිපිටිය පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ නව පොලිස් අධිකාරී කාර්යාලය නිසා ඇඹිලිපිටිය අවට ජනතාවට විශාල පහසුවක් සැලසෙන බවයි.
‘‘රත්නපුර පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත්ව තිබූ ගොඩකවෙල, උඩවළව, ඇඹිලිපිටිය, කුට්ටිගල, පනාමුර සහ කොළොන්න යන පොලිස්ථාන හයත් මොනරාගල පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ මෙතෙක් පාලනය වූ සෙවනගල පොලිස්ථානයත් ඇඹිලිපිටිය නව පොලිස් අධිකාරී කාර්යාලය යටතේ මින් ඉදිරියට පාලනය වෙන්නේ.
‘‘ඒ නිසා මේ කිව්ව පොලිස්ථාන සම්බන්‍ධයෙන් මීට කලින් රත්නපුර සහ මොණරාගලට ගිය මහජනතාවට මින් ඉදිරියට පැමිණිය යුත්තේ මේ විවෘත කළ ඇඹිලිපිටිය නව පොලිස් අධිකාරී කාර්යාලයටයි.
අද ඉඳලා අලූත් පොලිස් අධිකාරීවරයෙකුත් මෙතනට පත් කරලා තියනවා.’’ යැයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඇඹිලිපිටිය පළමු පොලිස් අධිකාරී ලෙස පොලිස් අධිකාරී අසෝක විජේරත්න මහතා පත්කර තිබේ. ඇඹිලිපිටිය නව නගරයේ කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ගොඩනැගිල්ලක නව පොලිස් අධිකාරී කාර්යාලය පිහිටුවා තිබේ.

2025 දෙසැම්බර් මස 04
406
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇඹිලිපිටියේ පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කෙරේ
nihal Thursday, 26 September 2019 08:37 PM
කුලී පදනම මත රජයේ ඉඩමක්,ගොඩනැගිල්ලක් ඇත්තෙම නැද්ද? උගත්,නුගතුන්ගෙන් තොරව කොමිස්,සන්තෝසම් හරි රසට දැනෙනවා.