(අමදෝරු අමරජිව)
ඇමෙරිකාවට - ත්‍රිකුණාමලයේ ඉඩම් අක්කර 33000ක් ලබාදි ඇමෙරිකානු යුද කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට යන බව කියමින් නැගෙනහිර මහජන සන්ධානය අද (11) ත්‍රිකුණාමලය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වීය.
“ඇමෙරිකා සෝපා ගිවිසුම් මර උගුල පරදවමු“ යන තේමාව මුල්කරගෙන පැවැති මෙම උද්ඝෝෂණයේදි “ ඇමෙරිකා හමුදා කදවුරු අපට එපා“ “ ආණ්ඩුව මේ යන්නේ කොයිබටද“ “ රට විකුණන දේශපාලකයන් ඉන්නේ ශ්‍රි ලංකාවේ“ “ මැරුණත් ඇමෙරිකාවට ත්‍රි/මලය දෙන්නේනැහැ" යනුවෙන් සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ මෙම උද්ඝෝෂණය පැවැත්වුහ.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.