
(චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත තංගල්ල ප්‍රධාන මාර්ගයේ නලගම මංසන්ධිය ආසන්නයේදී අද (14) ඇමැති නාමල් රාජපක්ෂ මහතා ගමන් කළ ජීප් රථය අනතුරකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
තංගල්ලේ සිට තිස්සමහාරාම දක්වා ගමන් කිරීමට බෙලිඅත්ත අධිවේගී පිවිසුම කරා ඇමතිවරයා ගමන් කරද්දී මෙම අනතුර සිදු වී තිබේ.
නලගම මංසන්ධිය ආසන්නයේදී යතුරු පැදියක් අපරීක්ෂාකාරීව ගමන් කොට ඇතැයිද ජීප් රථය යතුරුපැදියේ ගැටීම වැළැක්වීමට රියදුරු වාහනය හැසීරවීමේදී මෙම අනතුර සිදු වී ඇතැයිද පොලීසිය කියයි.
ජීප් රථය ප්‍රධාන මාර්ගය ආසන්නයේ නවතා තිබූ කුඩා ලොරි රථයක ද ගැටී තිබුණු අතර ලොරි රථයේ සිටි 05 දෙනෙකු සුළු තුවාල ලබා තිබුණි.
අනතුරෙන් තුවාල ලබා තිබුණේ නලගම ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින් පිරිසක් බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් ප්‍රථිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔවුන් ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරට පත් ජීප් රථය හා කුඩා ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබුණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.