ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථායේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සග සතු කොට පූජා කිරීමේ පිංකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්විණි.
විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා පළමුව විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම්, ශ්‍රාස්ත්‍රපති මීගහතැන්නේ චන්දසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක පිරිකර පූජාකර කෙටි පිළිසදරක නිරත විය.
අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සග සතු කොට පූජා කළේය.
විහාරස්ථානය ගොඩනැංවීමේහිලා පුරෝගාමී වූ ආදී කර්තෘන්ගේ ජායාරූප වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිතුමා එක් විය.
අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පිංකමට එක්ව සිටියහ.
(36698)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd