(ප්‍රසන්න පත්මසිරි)

ඇතිමලේ විලඔය හා හැඩඔය පිටාර ගැලීමෙන් යාල වනයේ බඩ ඉරිගු හේනක අවතැන්ව සිටින පවුල් හයක ගොවීන් මුදවා ගැනීමට නාවික හමුදාව  අද (20) විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය.

දින දෙකක් තිස්සේ ප්‍රදේශයට නෙකඩවා ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හේන් භූමිවලට මැදිවු ගොවින්ට විල ඔය හා හැඩ ඔයෙන් එගොඩ වී තම ගම්මාන වලට පැමිණීමට නොහැකිව අවතැන්ව සිටිති.

නාවික හමුදාව බෝට්ටු යොදා ගනිමින් අවතැන්වුවන් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.