රොමේෂ් මධුෂංඛ
යාපනය මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හඳුන්වන පුද්ගලයකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බව යාපනය මාණිපායි පොලීසිය පවසයි.
මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ නායකයකු වූ සන්නා නමැත්තාගේ බවට සැක කරන නිවසක් වෙත අදාළ පහරදීම සිදුකර ඇත.
යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කරගෙන කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් අදාළ පහරදීම සිදුකර තිබේ.
එහිදී පුද්ගල හානියක් සිදුකර නැතත් නිවසේ නවතා තිබූ යතුරුපැදි තුනකට කඩු වලින් කොටා හානි කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
අදාළ පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පිරිස් කඩු රැගෙන පැමිණෙන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති අතර ඒ ඔස්සේ පරික්ෂණ අරඹා ඇති බවටද මාණිප්පායි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2025 සැප්තැම්බර් මස 11
679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
202
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
857
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආවා කල්ලි නායකයකුගේ නිවසට ප්‍රහාරයක්