IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආරක්ෂක භටයෙකුට පහරදුන් ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ්

(ජයන්ත සමරකෝන්)

ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ ගෝලයෙකු අද (19) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි පුත්තලම පොලිසිය පැවැසීය.

සිද්ධියෙන් තුවාල ලබා ඇති සිවිල් ආරක්ෂක භටයා වනාතවිල්ලුව සිවිල් ආරක්ෂක බලකායේ භටයෙකු බවත් ඔහු මේ වන විට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කීය.

සිවිලි ආරක්ෂක භටයා ඊයේ (18) පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී එහි පැමිණි සැකකාර මන්ත්‍රීවරයා පරීක්ෂා කිරීම සඳහා හැඳුනුම්පත ඉල්ලා සිටින විට පැත්තකට රැගෙන ගොස් සිවිලි ආරක්ෂක භටයාට කනට ගසා ඇති  බවත් පසුව පැමිණි මන්ත්‍රීවරයාගේ ගෝලයෙකු සිවිලි ආරක්ෂක භටයාට දිගටම කණට පහරදී ඇති බවත් මේ පිළිබඳව කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට එරෙහිව විරෝධතාවයක්ද පවත්වා ඇති බව පොලිසිය සඳහන් කළේය.

හෙට (20) සැකකාර මන්ත්‍රීවරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවැසීය.

 



අදහස් (0)

ආරක්ෂක භටයෙකුට පහරදුන් ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site