(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ නඩුහේන ප‍්‍රදේශයේ ආයුර්වේද සම්භාහන ආයතන නමින් පවත්වාගෙන ගිය ගණිකාවන් කුලියට ලබාදෙන මධ්‍යස්ථාන දෙකක් වටලා එහි සිටි කාන්තාවන් 8 දෙනෙකු සමඟ කළමණාකාරවරයකු බව කියන පිරිමි පුද්ගලයකු අද (24) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
අදාළ සම්භාහන ආයතනවල කාන්තාවන් ලිංගික කටයුතු සඳහා මුදලට ලබා දෙන බවට ප‍්‍රදේශවාසීන්ගෙන් හා පොලිස් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ගත් අධිකරණ නියෝගයකට අනුව පොලිස් උපාය දුතයකු යොදා කාන්තාවක් මුදලට ලබා ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් වැටලීම් සිදු කර මොවුන් අත්අඩංගුවට ගනු ලැබිය.
අත්අඩංගුවට ගත් කාන්තාවන් මොනරාගල, බුලත්සිංහල, තිස්සමාහාරාමය,ඇඹිලිපිටිය, රත්නපුර ආදී දුර පළාත්වල පදිංචිකරුවන් වන අතර කොළඹ ප‍්‍රදේශයේ රැකියා කරන බව පවසා මෙලෙස ගණිකාවන් ලෙස කටයුතු කර ඇති බවත් මෙම සැකකාර කාන්තාවන් වයස අවුරුදු 25 ත් 35ත් අතර වියේ පසුවන බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරු සහ සැකකාරියන් 8 දෙනා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
624
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේද සම්බාහන කියා ගණිකා ජාවාරම් කළ මධ්‍යස්ථානයක් වටලයි