IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආයුර්වේද කොමසාරිස්ගේ වන්දි නඩුව සැප්තැම්බර් 24 විභාගයට

(උපාලි ආනන්ද) 
 
 ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළැයි කියන විත්තිකරුවන් පිරිසකගෙන් රුපියල් කෝටි පහමාරක් ඉල්ලා උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා  පවරා ඇති නඩුව සැප්තැම්බර් මස 24 වනදා විභාගයට ගැනීමට අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ්  තල්ගොඩපිටිය මහතා   අද  නියෝග කළේය.
 
 උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතා ජනාධිපති  නීතිඥ කරුනාරත්න හේරත් මහතා මගින් අනුරාධර දිසා අධිකරණය හමුවේ ගොනු  කර ඇති නඩුවක්   සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා මෙම නියෝගය කළේය.
 
රෝගියෙකුට ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් පැමිණ තමාට ඇසිඞ් ප්‍රහාරයක් එල්ල කර එක් ඇසක් අන්ධ කර අනෙක් ඇසට සහ  ශරීරයේ ස්ථාන කිහිපයකට බරපතල තුවාල සිදු කිරීම නිසා සිදු වූ හානිය  වෙනුවෙන් රුපියල් කෝටි පහමාරක් ඉල්ලා  ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු විත්තිකරුවන්  තිදෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
 
මින්නේරිය අයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකු වූ   සුසිරි කුමාර වික්‍රමසිංහ, හිටපු යුද හමුදා සෙබලකු වන  නුවන් කුමාර සහ මාලූ වෙළෙන්දෙකු වන   කෝෂිත හෂාන් යන තිදෙනා විත්තිකරුවෝය.



අදහස් (0)

ආයුර්වේද කොමසාරිස්ගේ වන්දි නඩුව සැප්තැම්බර් 24 විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site