(කවිතා සුබසිංහ)
පිහියක්, මත්කුඩු, පිස්තෝල උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාර ගතව සිටි අයෙකු ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(13) නියම කළේය.
මෙසේ බන්ධනාගාර ගතකරන ලෙස නියම වූයේ මොහොමඩ් හුසේන් නැමති සැකකරුවෙකුටය.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා කඩවත පොලිසිය එක්ව ඉකුත් දෙසැම්බර් 30 වැනි දා කළ වැටලීමක දී කඩවත පොලිස් බල ප්‍රදේශය තුළ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
හෙරොයින් ග්‍රෑම් 39 මිලි ග්‍රෑම් 860ක්, පිස්තෝල සඳහා භාවිත කරන මිලි මීටර් .38 වර්ගයේ උණ්ඩ 10ක්, අඟල් 9ක් දිග රම්බො පිහියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
දෙසැම්බර් 31 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දී තිබිණි. නැවත අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී 13 වැනි දා දක්වා සැකකරු රිමාන්ඩ් ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණ.
කඩවත පොලිසියේ පොලිස් සැරයන් 18899 පණ්ඩිතරත්න සහ පොලිස් සැරයන් 33173 බණ්ඩාර යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුධ - මත්කුඩු - උණ්ඩ ළඟ තබාගත් අයෙකු යළි රිමාන්ඩ්