(හිරාන් ප්‍රියංකර  සහ රෝවන් පෙරේරා )

ආණමඩුව නගරයේ පිහිටි වෙළදසල්  කිහිපයක  අද (11) අලුයම හටගත් හදිසි ගින්නකින්  වෙළදසල් දෙකක් විනාශවී ඇතැයි පොලීසිය පවසයි.

ආපනශාලාවක් සහ ජංගම දුරකථන හා විසිතුරු භාණ්ඩ අලෙවිසලක මෙලෙස ගින්න හටගෙන ඇති අතර මෙහිදී ආපනශාලාවට වැඩිවශයෙන් හානි වී තිබේ.

අලුයම 3.30 පමණ මෙම  ගින්න හටගෙන ඇති අතර ආණමඩුව පොලිසිය සහා ප්‍රදේශවාසින් මැදිහත්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. හදිසියේ හෝ මෙම ගින්න පැතිරී ගියේ නම් වෙළඳසැල් රැසකට හානි සිදුවීමට ඉඩ තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ගින්න ඇතිවුයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් හෝඩුවාවක් ලැබී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ආණමුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි. 

ඡායාරුප - රෝවන් පෙරේරා