(අනීෂා මානගේ)
අහිමි කළ විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අද (24) තංගල්ල නගරයේ දී විරෝධතාවක් පැවැත්විණි.
විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර මේ සඳහා විරෝධතාකරුවෝ 500 ක් පමණ සහභාගී වූහ.
විශ්‍රාමිකයන්ට මාසිකව අහිමි කළ බව කියන රුපියල් 10,500 සිට රුපියල් 25,000 දක්වා වූ මුදල ලබා දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.
තංගල්ල වජිරිගිරිය විහාරස්ථානයේ සිට විරෝධතා පාගමනින් පැමිණි පිරිස තංගල්ල නගරයට පැමිණ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී විරෝධතාවයේ නිරත වූහ.
මේ හේතුවෙන් තංගල්ල නගරයේ අධික රථවාහන තදබදයක් ඇතිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේක අහිමි කළේ? අනික මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී විරෝධතාව නතර කළේ මොකද? තව පොඩ්ඩක් ඉස්සරහට යන්නනේ තිබුනේ. ඒ පොඩ්ඩ ගියා නම් උත්තර ලැබෙන්න තිබුනා.