( සුමතිපාල දීයගහගේ )
අහංගම පොලිස් බල ප්‍රදේශය තුළ පදිංචි නාවික සෙබළුන් තිදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දොළොස් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම නාවික සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනෙක් වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කරනු ලබන අය වෙති. ඔවුන් දෙදෙනා නිවාඩු ලබා ගෙන පසුගිය 22 වන දින නාවික හමුදා බස් රථයකින් ගම් ප්‍රදේශ බලා පැමිණ තිබේ.
මේ අතර කොම්පඤ්ඤවීදිය නාවික හමුදා කදවුරේ සේවය කරන අනිත් නාවික සෙබළාද නිවාඩු ලබා ගෙන එම බස්
රථයෙන්ම ගමට පැමිණ ඇත. පසුව වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් පිරිසක් කොරෝනා ආසාදතයින් බව හෙලිවීමෙන් පසුව මෙම සෙබළුන් තිදෙනා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකයින් පියවර
ගෙන තිබේ.
එහිදි මෙම නාවික සෙබළුන් තිදෙනා කොරෝනා ආසාදිතයින් නොවන බව පී සී ආර් පරීක්ෂණවලදී අනාවරනයවී ඇත.ඊටපසු මෙම සෙබළුන් තිදෙනා නිවෙස්වලට පැමිණි විට ඔවුන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd