IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් ගොවිජන සංවර්ධන නිලධාරියා වසර 16 ක් සිරගෙට

(මනෝප‍්‍රිය ගුණසේකර)

කුඹුරු ඉඩමක් පවරා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ගොවියකුගෙන් රුපියල් 8000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ අක්කරේපත්තු හිටපු ගොවිජන සංවර්ධන නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (19) නියම කළේය.

මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ හිටපු ලිපිකරුට ද වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 30000 ක දඩයකටද යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් ලබාගත් ගොවි මහතාට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශි‍්‍රකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬවම නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අක්කරේපත්තු ගොවිජන සංවර්ධන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අබ්දුල් ලතීෆ් අබ්දුල් ගනී නමැත්තාට සහ මෙම අල්ලස ලබාගැනීම සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එම කාර්යාලයේ ලිපිකරු ලෙස කටයුතු කළ සුලෙයිමාන් ලෙබ්බේ මුනාෆ් නමැත්තාටය.



අදහස් (0)

අල්ලස් ගත් ගොවිජන සංවර්ධන නිලධාරියා වසර 16 ක් සිරගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 521 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site