
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු රුපියල් 8000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (10) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බලපත්‍ර ලබාගෙන කපන ලද කොස් ගස් තුනක් සහ තේක්ක ගතක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර හා අනෙකුත් ලියකියවිලි සකස් කර දීම සඳහා එක් ගසකට රුපියල් 2000 බැගින් මුදල් ඉල්ලා තිබු බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරිය පැවසුවාය.
බලපත්‍ර ඉල්ලුම් කරන ලද පුද්ගලයා ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුරකථන අංක 1954 කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර ග්‍රාම නිලධාරිවරයා එම මුදල එම ප්‍රදේශයේ විහාරස්ථානයක් අසලදී ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවාය.
අත්අඩංගුවට ගත් සැකකාර ග්‍රාම නිලධාරීවරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට