( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුවේ විදුහලකට සිසුවකු ඇතුළත් කර දෙන බව පවසා රුපියල් 8,000 ක අල්ලසක් ගත් පාසල් මුරකුරුවෙකු අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.
අට වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කර දීමට මුරකරු රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ඉන් 8,000 ලබා ගනිද්දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
අල්ලස් ගැනීම නීති විරෝදී දඬුවම් ලැබියුතු ක්‍රියාවක්. නමුත් එදා වෙල අමාරුවෙන් ගතකරන අහිංසකයෙක් අල්ලලා දඬුවම් කරන ඒ නිලදාරීන් සහ විනිසුරුවන් අපේ රට උකස් කරලා කොටි ගණන් නීතිවිරෝදී ලෙස ගස කන එවුන් ටත් මේ නීති ඒ අයුරින් ක්‍රියාත්මක නොකර සිටීම මුළු රටේම අවාසනාවක්