(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියකට රක්ෂිත භාරයේ සිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නාවින්න කාර්යාලයේ නිති නිලධාරීවරයා සහ ආයුර්වේද වෛද්‍යවරයා එක් අයකුට රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 5බැගින් ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ මහරගම නාවින්න ආයුර්වේද කාර්යාලයේ සහකාර නිති නිලධාරී නිතීඥ ගුණවර්ධන මානගේ අමිත් සුසන්ත සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත‍්‍ර කමිටුවේ සාමාජික ආයුර්වේද වෛද්‍ය හෙට්ටිආරච්චිගේ දොන් ඩැනිස්ටර් ලෙස්ලි පෙරේරා යන දෙදෙනාය.
ආයුර්වේද නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් බලපත‍්‍ර ලබා ගැනීම සදහා නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත‍්‍ර කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාදීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා විසින් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලා ඉන් 50,000ක මුදලක් ලබාගත් බව අල්ලස් කොමිසම සැකකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd