(කාංචන කුමාර ආරියදාස)
අලුත උපන් දරුවන්ට සහ මව්වරුන්ට සෙත් පිරිත් සජ්ජායනා කොට තෑගි භෝග ලබා දීම පිංකමක් දඹුල්ල මූලික රෝහලේ දී පැවැත්විණි.
සීගිරිකස්සප මහ පිරිවෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ ගුරුභික්ෂුන් වහන්සේලා රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් දඹුල්ල මූලික රෝහලේ අලුත උපන් බිළින්දන්ට සහ මව්වරුන්ට සෙත් පිරිත් සජ්ජායනා කරමින් භික්ෂූන් වහන්සේලාට ලැබුණු විවිධ පිරිකර භාණ්ඩ මෙම මව්වරුන්ට ලබාදීමේ උතුම් පිංකමක් සිදු කළහ.
සීගිරි කස්සප පරිවෙණාධිපති සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද හිමි ඇතුළු පිරිවෙනෙහි සියලුම ආචාර්ය හිමිවරුන් ශිෂ්‍ය හිමිවරුන් රංගිරි දඹුලු රජමහ විහාර උයන්වත්ත විහාරස්ථානයේ සිට පාගමනින් කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් දඹුල්ල රෝහලට වැඩම කර දඹුල්ල රෝහලේ මව්වරුන්ගේ වාට්ටුවේදී සියලු දෙනාට සෙත් පිරිත් සජ්ජායනා කිරීම මෙහි විශේෂත්වයකි.
උතුම් වෙසක් පුන් පොහෝ දිනවල පිංකමක් කරන්න නොහැකිව, මෙලොව මනු සතුන් දායාද කරන්නට රෝහල් ගතවී සිටින මව් වරුන්ගේ හිත සුව පිණිස මෙම පිංකම සුදානම් කළ බව ආචාර්ය ඉදිගස්වැව වජිර හිමියෝ පැවසුහ.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.