(සම්පත් ප්‍රියනන්දන සහ ඉනාලක ජේ හෙට්ටිආරච්චි) 


කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්   අලුත්නුවර හල්ගහවෙල ප්‍රදේශයෙන්  මාර්ගය  ස්ථාන  දෙකකින්  ගිලා  බැසීමට ලක්ව තිබේ.

මීට පෙර එම ස්ථානය  නාය අවදානමක්  පැවැති  අතර  එම ස්ථානවල  ඊයේ (19) රාත්‍රියේ  සිට  පවතින වර්ෂාවත් සමඟ නැවත ගිලා බැසීමට ලක්විමෙන් අවදානම් තත්ත්වයකට පත්ව ඇත.

පහළින් ඇති අඩි 200 පමණ  ප්‍රපාතයක් දෙසට  එම  මාර්ගය  ස්ථානය දෙකකින් මෙලෙස ගිලා බැස තිබේ.

මේ සම්බන්ධයෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතාගෙන් කළ විමසිමක දී පැවසුවේ  ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කර ඇති බවයි.