(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම පොලීසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් දර්ගා නගරයේදී පුද්ගලයන් 164 දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් පුද්ගලයන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා අද (06) පැවසීය.
මෙම ආසාදිත පුද්ගලයින් අතර දර්ගා නගර රෝහලේ ඉදිකෙරෙන ගොඩනැඟිල්ලක කම්කරුවන් 05 දෙනෙකුද වන අතර අතර සෙසු තිදෙනා බාහිර පුද්ගලයන් වන බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
ආසාදිත බව හඳුනා ගත් පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතයොමු කිරීමට කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd