IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අරුවක්කාලුවට කසළ ගෙන ගිය ටිපර් රථ 2ක් ගැටේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
 
අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ දෙකක් අද(9) අලුයම පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් එක් රථයකට බරපතල හානි සිදුව ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
 
කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හදිසියේ තිරිංග තද කිරීමත් සමග පසුපසින් පැමිණි ටිපර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.
 
මුන්දලම පොලිසිය අනතරට පත් ටිපර් රථය දොඹකර ලොරි රථ ආධාරයෙන් මුන්දලම පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.
 
කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ අනතුරට ලක්වු තුන්වන අවස්ථාව මෙය බවද පොලිසිය කියයි.
 
රියදුරා පමණක් ටිපර් රථයේ සිටීමත්, ඇතැම් රියදුරන් පැය හතරකට ආසන්න කාලයක් කිලෝ මිටර් 150 කට වැඩිදුරක් ධාවනය කිරීමත්, අධික නිදිමත හා වෙහෙසත් මෙම අනතුරට හේතු විය හැකි බව පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)
 
(ඡායාරූප - එච්.චන්දන)
 
 
 



අදහස් (0)

අරුවක්කාලුවට කසළ ගෙන ගිය ටිපර් රථ 2ක් ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 410 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site