(දයාරත්න ඇඹෝගම)
කලත්තැව අරණගම ලදු කැලෑවක අතුරු මාර්ගයක තිබූ පුපුරණ ද්‍රව්‍ය රැසක් අද (6) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
වෙඩි බෙහෙත් ග්‍රැම් 750 ක්, ඇමෝනියා ග්‍රැම් 900 ක්, ජෙලෙට් නයිට් කරල් 1 සහ ඩෙටනේටස් කිහිපයක් පොලිසිය විසින් මෙසේ සොයා ගනු ලැබ තිබේ.
අනුරාධපුර පොලිසිය ලද තොරතුරක් අනුව සිදුකළ පරික්ෂණයේ දී බෑගයක බහා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
කවුරුන් විසින් කුමක් සදහා මෙම වෙඩි බෙහෙත් ගෙන ආවේද යන්න පිළිබද තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd