සමන් පාලිත නානායක්කාර
නමුණුකුල ඉස්ප්‍රින්වැලි ප්‍රදේශයේ දී අද (23) අරක්කු බෝතල් 60ක් හා බියර් ටින් 96 ක් සමඟ සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පස්සර විශේෂ කාර්ය බළකාය කියයි.
ඇදිරිනීතිය පවතින ඉදිරි දින දෙකේදී මත්පැන් හල් වසා තැබෙන බැවින් අධික මිල ගණන් වලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් තොගය නිවසක සඟවා තිබූ බව විශේෂ කාර්ය බළකාය කියයි.
පස්සර විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මත්පැන් තොගය සමග සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පස්සර පොලිසියට භාර දී ඇත.
පස්සර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd