IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


‘අයිඩීඑච් ඇළ පිරිසිදු කරන්න කටයුතු කළත් ඇළ දෙපස අනවසරෙන් තාප්ප බැදලා’

 

 

 

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

පුත්තලම නගරයේ ගංවතුර බැස නොයෑමේ ගැටලුවට මුල් වූ අයි. ඩී. එච්. ඇළ පිරිසිදු කර නිසි ක්‍රමවේදයකට සකස් කිරීමට නගර සභාවෙන් කටයුතු කර තිබුණ ද ඇළ දෙපස අනවසරයෙන් බැඳ ඇති තාප්ප බාධාවක් වී ඇතැයි පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා පවසයි.

පුත්තලම නූර් නගර් දුම්රිය ස්ථානයේ සිට පුත්තලම කලපුව දක්වා කිලෝ මීටර් පහකට වැඩිදුරක් දිවෙන මෙම අයි. ඩී. එච්. ඇළ සකසා තිබුණේ වැසි සමයේ දී ගලා එන ජලය අවට ගම්මානවලට බාධා රහිතව කලපුව දක්වා ගලා යාමට යි.  

නමුත්  කිසිදු නඩත්තුවක් නොකිරීම හේතුවෙන්  ඇ‍ළේ ඇතැම් ස්ථාන ගොඩවීමටත් ඇතැම් තැන් ජලය රැඳී මැසි මදුරු වාසභවනක් බවට පත්වීමටත් පටන්ගෙන ඇතැයි ජනතාව පවසති.

මෙම අයි. ඩී. එච්. ඇළ වසර 50 ක කාලයක් කිසිදු සංවර්ධනයකට ලක් නොවිණි. ඒ නිසා පුද්ගලයින් කිහිපදෙනෙකු ඇළේ ඇතැම් කොටස් අනවසරයෙන් අල්ලාගෙන තාප්ප ඉදි කර තිබේ. එබැවින් ඇළේ ගලා යන ජලය නැවතී ඇති බව ජනතාව චෝදනා කරති. මේ වන විට ඇළේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇතත් එයට බාධා එල්ල වන්නේ ඇළ අනවසරයෙන් අල්ලාගෙන තාප්ප ගසා ගෙන සිටින කිහිප දෙනෙකුගෙන් පමණක් බව ද ඔවුහු කියා සිටිති.

සෑම ගංවතුර සමයකදී ම අයි. ඩී. එච්. ඇළ පිටාර ගැලීම නිසා පුත්තලම නගර සීමාවේ පිහිටි කොස්තා මාවත, ආනන්ද මාවත, පෙස්ටස් පෙරේරා මාවත, ජය මාවත හා අයි. ඩී. එච්. මාවත් තුළ පදිංචි පවුල් 200 කට වැඩි පිරිසක් මාසයකට අධික කාලයක් පීඩාවට පත්වන බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ එම්. ඒ. මංජුලා දිල්රුක්ෂි මහත්මිය,

 “ මේ ඇළ හදද්දි මගේ නිවස පිටුපස තාප්පය සම්පුර්ණයෙන් කඩා දමන්න සිදු වුනා. නමුත් කිසිම දෙයක් නොකියා එයට සහාය දුන්නා. මොකද මේ ඇළේ වතුර ගං වතුර කාලවලදි පිටාර ගලද්දි මාස ගාණක් අපි දුක් විදිනවා. ඒ නිසා මේ තාප්පය කැඩුනා කියලා මම ගැටළුවක් ඇති කර ගත්තොත් මේ පාරත් ගං වතුරට අපිට ගෙවල් අතහැරලා යන්න වෙනවා” යැයි ඇය පැවසිය.

  ඉවොන් මේරි මහත්මිය ද අදහස් දැක්වුයේ මේ ආකාරයටය.

 “ මේ ඇළ අපි දන්න කාලයකින් සංවර්ධනය කරලා නැහැ. මැස්සෝ මදුරුවෝ පිරිලා. ඒ නිසා ඇළ කපන්න පටන් ගත්ත එක සතුටට කරුණක්. නමුත් සමහරු ඇළ අල්ලාගෙන තාප්ප ගහලා ඇළ හදන්න දෙන්න බැහැ කියනවා. පවුල් 200 ක් විතර විඳින පීඩාව නවත්වන්න නම් ඇළ හදන්නම ඕනා. ”

 ඇළ හරස් කරමින් තාප්පය  ඉදි කර ඇති  කාන්ති බණ්ඩාරනායක මහත්මිය එම ස්ථානයට පැමිණ ඇළ සැකසීමට විරෝධය මතු කිරීමත් සමඟ ජනතාව මෙම කාන්තාවට විරෝධය පා තිබිණි.

 

 



අදහස් (0)

‘අයිඩීඑච් ඇළ පිරිසිදු කරන්න කටයුතු කළත් ඇළ දෙපස අනවසරෙන් තාප්ප බැදලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 323 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 421 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site