(උපාලි ආනන්ද)
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කර සන්තකයේ තබා ගත් බවට කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව ඔක්තෝබර් 2 වැනි දා විභාගයට ගැනීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (23) නියෝග කළේය.
අඔ ගෙඩි 19 ක් සොකරම් කළ බවටත් සොරකම් කරන ලද එම අඔ ගෙඩි 19 සන්තකයේ තබා ගත් බවටත් පැමිණිල්ල විසින් තමන්ට එල්ල කර ඇති චෝදනා තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බව අධිකරණයට දැනුම් දුන් සැකකාර කාන්තාව තමන් නිවැරදිකරු බවද අධිකරණයට දැන්වීය.
සැකකාර කාන්තාවට ලබන ඔක්තෝබර් 2 වැනි දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd