පූෂ්පකුමාර මල්ලවආරච්චි
ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මීරිගම අඹේපුස්ස පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථාන කඳවුරු භූමියේ සම්මානනීය රැකවල් රාජකාරියේ යෙදී සිටි රයිෆල් සෙබලකු අද (21) අලුයම පිහියෙන් ඇණ මරා දමා ඔහු අත තිබූ ගිනි අවිය පැහැරගෙන ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මෙසේ මරා දමා ඇත්තේ කෑගල්ල බුලත්කොහුපිටියේ පදිංචිකරුවකු වූ ඩබ්ලියු.එම්.එන්.එස්. ජයසේන නැමති 21 හැවිරිදි තරුණ සෙබළෙකි.
මියගිය සෙබලා අද (21) අලූයම 1.00 ට කඳවුරු භූමියේ කෞතුකාගාරය ආසන්නයේ පිහිටි සම්මානනීය සෙබළ මුරපොලෙහි රාජකාරියට වාර්තා කර ඇතැයි ද ඔහුගේ සේවා මුරය අලූයම 4.00 ට අවසන් වීමට නියමිතව තිබී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd