අකුරක් ඉගෙනගන්න වෙරදරන අපේම දරුවන්ගේ හෙට දවස නංවාලීමේ අරමුණින් නුගේගොඩ නවාතැන්පළක තරුණ පිරිසක් විසින් සංවිධානය කරනු ලබන "අපි අපිම" ප්‍රජා සත්තාරක වැඩ සටහනේ තෙවන අදියර සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසලක් තෝරාගනු ලැබ තිබේ.
ඒ අනුව "අපි අපිම" ප්‍රජා සත්තාරක වැඩ සටහනේ තෙවැනි අදියර යටතේ මැදිරිගිරිය කොට්ඨාසයේ ගුරුගොඩැල්ල ප්‍රාථමික විදුහලේ අඩු ආදයම්ලාභී දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.
දැනට මෙම විද්‍යාලයේ සිසු දරු දැරියන් 65 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර 2018 වසර සහා ළමුන් 25 ක් ඇතුළත් වීමට නියමිතය.
මේ වන විට මෙම පාසලට නිල ලාංඡනයක් පාසල් ගීතයක් නොමැති අතර ඒ සියලු අඩුපාඩුකම් සපුරා දීමට ද " අපි අපිම" කණ්ඩායම සූදානම්ව සිටී. නියඟයෙන් පීඩා විඳිමින් අකුරක් කරන්නට වෙර දරන අපේම දරුවන්ට පිහිටක් වෙන්න ඔක්තෝම්බර් 10 දිනට පෙර ඔබටත් දායක විය හැකිය.
ඒ සඳහා සුජිත් (077-825946), මලින්ද (072-7987963) හෝ විරංජ (071 2470662) අමතා විස්තර ලබාගත හැකිය.





2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
’’අපි අපිම’’ තෙවන අදියරට මැදිරිගිරියේ පාසලක්