IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අ’පුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ගැන සිදුවන විනය පරීක්ෂණය අත්හිටුවන්න නියෝග

(උපාලි ආනන්ද)

අනුරාධපුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සම්බන්ධයෙන්  සිදු කරන විනය පරීක්ෂණය වාහාම ක‍්‍රියාත්මක වන පරිදි අත් හිටුවන ලෙස උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම් පී.බංඩාර මහතාට අද (04) නියෝග කළේය.

මේ මස 27 වන දින මහාධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසටද  උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ඇතුලු වගඋත්තරකරුවන්ට මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.

උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා මෙසේ නියෝග කළේ තමා සම්බන්ධයෙන් අරම්භ කර ඇති නීති විරෝධී විනය පරීක්ෂණය අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කුමුදුනී ආරියවංශ මහත්මිය ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් ඩබ්.ඒ විමලසිරි, පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම් පී බංඩාංර  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අනුරුද්ධ ජයලත් යන මහත්වරුන් ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා පැවසුවේ පෙත්සම්කාරිය තඹුත්තේගම කලාප අධ්‍යපන අධ්‍යක්ෂවරිය ලෙස රාජකාරි කළ වකවානුවේ විදුහල්පතිවරයෙකු අවිධිමත් ආකාරයට විශ‍්‍රාම ගැන්වූ බවට චෝදනා කරමින් ඇයගෙන්   නිදහසට කරුනු විමසා පසුව ඇය අනිවාර්ය නිවාඩු යැවූ බවයි.

පසුව අනිවාර්ය නිවාඩු යැවීම  අවංලගු කර ඇති උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයා පෙත්සම්කාරිය යලි සේවයේ පිහිටුවා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර දැනට කිසිදු රාජකාරියක්  නොමැතිව ඇය එම කාර්යාලයේ  සේවයට වාර්තා කරන බවත්ය.

එසේ සිටියදි පළාත් ප‍්‍රධාන ලේකම්වරයාගේ නියෝග මත පෙත්සම්කාරිය සම්බන්ධයෙන් ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම්වරිය මගින් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අධිකරණයට  කියා සිටි නීතිඥවරයා එම විනය පරීක්ෂණය සම්පූර්ණයනේම නීතියට පටහැනි බවද පැවැසීය.

උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයාගේ නියෝග මත ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම්වරිය විසින් පෙත්සම්කාරිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණය අත් හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා  සිටි නීතිඥ විජයරත්න මහතා වගඋත්තකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරන්නැයිද තවදුරටත් කියා සිටියේය.



අදහස් (0)

අ’පුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ගැන සිදුවන විනය පරීක්ෂණය අත්හිටුවන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site