(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයකු පත්කරන ලෙස ඉල්ලා එම රෝහලේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකවරු අද(28) පස්වරුවේදි රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
ලංකාවේ තුන්වන විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලට 2017 සැප්තැම්බර් මස සිට මේ දක්වාම ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු පත් කර නැතැයි ඔවුහු කීහ.
මෙම උද්ඝෝෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලු වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම එක්ව සිටියහ.
මේවන විට ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක වන උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතාට කාර්යාලයේදී සංදේශයක්ද භාර දෙන ලදී. පාලිත බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ට හැකි ආකාරයෙන් තනතුරේ කටයුතු කිරීමට උත්සහා ගන්නා බවයි. කෙසේ වෙතත් රජය අනුරාධපුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු පත්කිරීමට මැදිහත්විය යුතු බවද හෙතෙම පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු පත් නොකිරීම නිසා හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ මිලදි ගැනීමත්, රෝහලේ පරිපාලනයත් කඩාවැටී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් ශෂික විතාන මහතා පැවසීය.



2025 දෙසැම්බර් මස 04
556
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අ’පුර ශික්ෂණ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයෙකු ඉල්ලා උද්ඝෝෂණයක්