IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අ‘පුර බන්ධනාගාරයේ රාජකාරිවලට නිලධාරීන් ප්‍රමාණවත් නෑ

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරි සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති කමින් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි බන්ධනාගාර නිලධාරිහු පවසති.

බන්ධනාගාර නිලධාරීන්  100 කට ආසන්න  පිරිසකගේ හිඟයක්  පවතින බව  බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග  සඳහන් කරයි.

මෙම තත්ත්වය තුළ  දැනට සිටින සීමිත නිලධාරීන්  දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ. විවිධ  වැරදි සම්බන්ධයෙන් මේවන විට අනුරාධපුර  බන්ධනාගාරය තුළ රැඳවියෝ  10,000 අධික පිරිසක් රැදී සිටිති.

ඔවුන්ගේ ආරක්ෂක කටයුතු හා සුභසාධන කටයුතු සිදු කිරීම මෙන්ම ඔවුන් රැකබලා  ගැනීම ද ගැටලුවක් බවට පත්ව තිබේ.

දිනපතා   දිවයිනේ විවිධ  ප්‍රදේශවල අධිකරණ සඳහා රැඳවියන් රැගෙන යාමට සිදුවීම නිසා නිලධාරීන්ගේ හිඟය උග්‍ර වී ඇත. සාමාන්‍යයෙන් උසාවි  14 ක් සඳහා රැඳවියන් රැගෙන යාමට සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

අ‘පුර බන්ධනාගාරයේ රාජකාරිවලට නිලධාරීන් ප්‍රමාණවත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site