(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මහනගර සභාවේ සිදුවී ඇති මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැටුප් අංශයේ සේවය කළ කාන්තාවක් ඇතුළු සුළු සේවකයන් පස් දෙනෙකුගේ සේවය අත්හිටවු බව නගරාධිපති එච්.පී.සෝමදාස මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම මාධ්‍ය හමුව අනුරාධපුර මහා නගර සභාවේ නගරාධිපති නිල කාමරයේ දී පැවැත්විණී.
මෙහිදී මාධ්‍යවේදීන් අමතමින් නගරාධිපතිවරයා මෙසේද පැවසීය.
පසුගිය 2014 වසරේ සිට මේ දක්වා මෙම මුදල් වංචාව සිදුවී තිබෙනවා. වැටුප් අංශයේ සේවය කළ ලිපිකාරිනිය වැටුප් සකස් කිරිමේදී සිය හිතවත් පුද්ගලයන් සඳහා වංචනික ආකාරයට වැටුප් සකස් කර ඔවුන්ගේ ගිණුම් වලට බැර කර කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බව සිදුකළ මුලික පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.
මේවන විට සිදුකළ මුලික පරික්ෂණයේ දී එම මුදල ලක්ෂ තිහකට ආසන්න බවට හෙළි වී තිබේ. වංචා කළ මුදල මෙතෙක් නිශ්චිතව ගණනය කර නැහැ. මේ සම්බන්ධයෙන් නගර සභාව මගින් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද නගරාධිපතිවරයා මෙහිදී පැවසීය.
අනුරාධපුර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා මෙහිදි මාධ්‍යට කරුණු දක්වමින් මෙසේ පැවසීය. නගර සභාවේ කළමනාකරණ සහකාර තනතුරු කිහිපයක පුරප්පාඩු තිබෙනවා. එම නිසා වැටුප් අංශයේ සේවයට යොදවා තිබුණේ කම්කරු කාන්තාවක්. ඇය විසින් වැටුප් සකස් කිරිමේදී වංචනික ආකාරයට වැටුප් සකස් කර සිය හිතවතුන් කිහිප දෙනෙකුගේ ගිණුම්වලට බැර කර ඇති බව අනාවරණය වුණා.
ඒ අනුව මෙම වැටුප් අංශයේ සේවය කළ කාන්තාවත් ඊට අනුබල දුන් තවත් කාන්තාවන් දෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ මුලික පරික්ෂණයකින් පසුව ඔවුන්ගේ සේවය පසුගිය 13 වැනි දා සිට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
2025 නොවැම්බර් මස 21
15
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
134
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
981
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අ’පුර නගර සබේ මුදල් වංචා කළ 5 කගේ වැඩ තහනම්