(උපාලි ආනන්ද)
අනුරාධපුර නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව පවතින නඩුව ලබන මැයි මස 26 වැනිදා කැඳවීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළේය.
අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරයාගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර රුපියල් ලක්ෂ 30 ට අධික දේපල අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
එදිනට විවෘත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද අනුරාධපුර නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන්ට මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.
රජයේ අධි නීතිඥ නුවන් කෞෂළ්‍ය මහතා විසින් අධි චෝදනා 13 බැගින් වෙන් වෙන් වශයෙන් මෙම විත්තිකරුවන්ට මීට පෙර අනුරාධපුර මහාධිකරණයේ දී බාර දෙනු ලැබීය.
අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝම්බ ප‍්‍රාහාරයක් එල්ල කර රුපියල් ලක්ෂ 30 ක පමණ දේපල හානියක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි තඹුත්තේගම මහේස්ත‍්‍රත්වරයා පොලිසියට අවස්ථා දෙකකදී මීට පෙර නියෝග ලබාදී තිබුණද පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගැනීම දිගින් දිගටම පැහැර හැර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අ’පුර නගර සබේ නගරාධිපතිගේ නඩුව මැයි 26 කැඳවයි