(දයාරත්න ඇඹෝගම)
මේ වන විට ස්ථාන මාරුවීම් ලබා සිටින ගිලන් රථ රියදුරන්ගේ ස්ථාන මාරුවීම් වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරෝ අද (04) වැඩ වර්ජනයක් ඇරැඹුහ.
අනුරාධපුර පිහිටි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ නිරතව සිටිති.
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන් පිරිසක් පසුගිය 31 වැනි දින සිට පළාතේ වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරු කර තිබේ.
මිට විරෝධය දක්වමින් මෙම රියදුරන් ගෙන් දස දෙනෙකු පසුගිය 31 වැනි දින සිට අනුරාධපුර පිහිටි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වහලය මත මේ දක්වාම උපවාසයේ නිරතව සිටිති.
මිට අමතරව තවත් රියදුරන් පිරිසක් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මත ඉදිකළ අට්ටාලයක නැග අද (04)දින සිට මාරන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
මිට බලධාරින්ගේ අවධානය යොමු නොවු බව පවසමින් අනුරාධපුර දිස්ත්‍රිකයේ ගිලන් රථ රියදුරන් ඇතුළු රියදුරන් 168 දෙනෙකුද අද (04 )දින සිට වැඩ වර්ජනයකද නිරතව සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd