(පුත්තලම - ජුඩ් සමන්ත)
මාදම්පේ සති පොළේ වෙළදුන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
හදිසියේ සිදු කරන ලද පරීක්ෂාවකින් පසුව පාරිභෝගිකයින්ට ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කළ වෙළෙදුන්ට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.
මෙහිදී මුද්‍රිත කඩදාසි වල පිසින ලද ආහාර ඇසුරුම් කළ වෙළෙදුන් දෙදෙනෙකු, වෛද්‍ය සහතික නොමැතිව පිසින ලද ආහාර අලෙවි කළ හත් දෙනෙකු සහ ලේබල් අඩු පාඩු සහිතව ඇති ඇසුරුම් කරන ලද ආහාර අලෙවි කළ අයෙකු මේ අතර වෙයි.
අලෙවිකරණ ස්ථාන 37 ක් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර මාදම්පේ ප්‍රාද්‍ෙශීය සෞඛ්‍ය වෛද්‍ය සන්ධ්‍යා හේරත් මහත්මියගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක රංජිත් විජේකුමාර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කරන ලදී.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.