(අනීෂා මානගේ)
විවිධ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී ටි-56 ගිනිඅවියක් සොයා ගැණිනි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අනුරාධපුරය සාලියවැව පොලිස් වසමේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අයකුට උකස් කරන ලද ඩිෆෙන්ඩර් රථයක් මංකොල්ලකා පලායාම, බෙලිඅත්ත පොලිස් වසමේදී ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාම, ජීව පතුරොම් සහිත පිස්තෝලයක් ඩිෆෙන්ඩර් රථයකින් රැගෙන යමින් සිටියදී වීරකැටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී සැකකරු රථය රැගෙන පලා යාම සහ යතුරුපැදි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.