විනීතා එම් ගමගේ
අනුරාධපුර පූජා නගරය මැදින් ගලා යන හාල්පානු ඇල දෙපස හා ඇල මැද පිහිටි කුඹුක් ගස් රාශියක් ගංවතුර පාලනය සඳහා යැයි පවසමින් මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් ඉවත් කිරීමට කටයුතු යොදමින් සිටින බවට පරිසරවේදීහු පවසති.
මෙය ප‍්‍රංශ ආධාර යටතේ කි‍්‍රයාත්මක වන ව්‍යාපෘතියක් බව ද ඔවුහු පවසති.
කුඹුක් ගස් ඉවත් කිරීමෙන් ගංවතුර පාලනය වනවා යැයි පැවසීම මිත්‍යාවක් බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප‍්‍රකාශ කළේය.
ගංවතුර පාලනය අත්‍යවශ්‍ය කි‍්‍රයාවක් වුවත් වසරේ වැඩි කාලයක් නියඟය පවතින්නා වූ මෙවැනි ප‍්‍රදේශයක ජලය රඳවා තබා ගැනීමට පාංශු ඛාදනය වැළැක්වීම, සෙවණ ලබාදීම හා අවට පරිසරය සිසිල් කිරීමට උපකාරී වන කූඹුක් වැනි ශාක ඉවත් කිරීම උචිත නොවන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙසේ ජනතාව නොමඟ යවමින් වසර සියයකට වඩා පැරණි ඉතා වටිනා ශාක ප‍්‍රජාව ඉවත් කිරීම හා ඉවුරු හෑරීම හරහා දැඩි පරිසර හානියක් සිදුවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
එය අනුරාධපුර පූජා නගරයේ දර්ශනීයත්වයට ද හානියක් සිදුවන බැවින් දැනට ඉතිරිව ඇති කුඹුක් ගස් ප‍්‍රමාණය හෝ රැක ගැනීමට කටයුතු කරන මෙන් අදාළ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින බව ද විතානගේ මහතා කියා සිටියේය.
COMMENTS
මගේ ජීවිතේ කිසිවෙකුට ම විසින් හෙන පතා නොමැත. නමුත් මේ පරිසර විනාශ කරන ගස් කපන හොරුන්ට සහ ඒවාට අනුබල දුන් හැම පාහරයෙකුටම හෙන ගහන එක අප හට වැළකිය නොහැක.
මේ රට තව වසර 50ක් ඇතුළත රටේ මුළු භූමියෙන් 75%ක ප්‍රදේශයක් කාන්තාර හෝ මුඩු බිම් වනු ඇත. මේ රටේ සරු පස සෑම ගංවතුර සමයකම මුහුදට ගසා යන අතර දැවැන්ත වන සංහාරය හේතුවෙන් ඉදිරි වසර 10 හෝ 15 ඇතුලත භයානක ලෙස ජල උල්පත් සිදී යාමෙන් ජල හිඟයක් හටගනී. තවද, දරුණු හානිකර රසායනික භාවිතයෙන් මෙරටේ ජනගහනයෙන් බොහෝ පිරිසක් පිළිකා සහ වෙනත් රුධිරය හෝ වාතය සම්බන්ධ ශාරීරික රෝගාබාධයන්ට ලක්වනු ඇත. මෙය ලංකාවේ සොබාදහම සම්බන්ධව මාගේ තුන්කල් දැක්මයි. මෙහි සුළු සුළු වෙනස්කම් හැරුණුවිට බොහෝ කරුණු එලෙසින්ම ඉටු වනු නොඅනුමානයි.